Tuesday, January 14, 2014

හෙට ඉදන් අපිත් උඩින් යනෝ..

                  ඔන්න ඉතින් හෙට ඉදල අපිටත් උඩින් යන්න පුළුවන්.මේ මොකක්ද කියන්න යන්නේ කියල සමහරවිට තේරෙන්නේ නැතුව ඇති.උදේ හවස දුම්රියෙ වේයන්ගොඩ මීරිගම පැත්තෙ ඉදල යන එන කට්ටියනම් දන්නව ඇතිනෙ වේයන්ගොඩ ගුවන් පාලම ගැන.මෙහෙම කියනකොට කෙනෙක්ට හිනා යන්නත් පුළුවන්.ඇත්තටම වේයන්ගොඩට අනිවාර්යෙන්ම ගුවන් පාලමක උවමනාව දැනිල දැන් හුගක් කල්.මොකද කියනවනම් උදේට හවසට පුදුම වාහන තද බදයක් තමයි ටවුන් එකේ තියෙන්නෙ.ලංකාවෙ බොහෝ ප්‍රදේශ වල ඉදල ගුවන් ගත වෙන්න එන බොහෝ පිරිස් වේයන්ගොඩ නගරය හරහා තමයි යන්නෙ.ඒ නිසා සමහර දවස් තියෙනව වාහන එක තැන හෙල්ලෙන්නෙවත් නැහැ.මොකද දුම්රිය හරස් මාර්ගය හරහා ප්‍රධාන මාර්ගය වැටිලා තියෙන නිසා දුම්රිය යනකම් වාහන නවත්තගෙන ඉන්න වෙනව.රේල් ගේට්ටු දෙකක් දෙපැත්තෙ තිබුනට සමහර වාහන එන වේගෙට ඔය රේල් ගේට්ටු කඩාගෙන යන එකත් වේයන්ගොඩට සාමාන්‍ය දෙයක්.මමත් ඒ දේ අත්විදල තියෙනව.



              ඔය ගුවන් පාලම හදන්න පටන් ගන්නකොට එක එක විදියෙ කටකතා පැතිරුණා.සමහර දේවල් කියන්න බැරි තරම් දුරට ඇදිල යනව.කොටින්ම දේශපාලනය හැම තැනටම ගෑවිලා තියේනව කියල තමයි අපිට ආරංචි වුනේ.කොහොම වුනත් පාලම ඉක්මනට හැදුවා.මොකද ඒකත් අර කැළණියේ ගැහුව වගේ යකඩ පාලමක් නිසා.මම දන්නා තරමින් ඔය යකඩ පාලම් වල ආයු කාලය කොන්ක්‍රීට් පාලම් වලට සාපේක්ෂව ගොඩක් අඩුයි.ඒ දේ හොදටම තේරෙනව යකඩ පාලම් උඩින් යනකොට.ඒ පාලම් හෙල්ලෙනකොට ඇගම හීතල වෙනව.ඒත් දවසක් මම කෝච්චියෙ එනකොට එක මත්තයෙක් කියනව මම අහගෙන එහෙම හෙල්ලෙන්නෙ මොකක්ද තාක්ෂනයක්ලු කියල.මොන දේ වුනත් බය හිතෙනව.

               මොන වුනත් අපේ ගමට ලැබුණු පාලමට අපි බැනල වැඩක් නැහැ.මොකද දැන් එක ගලවන්නත් බැහැ.පාලම හදනවට වැඩ ඒක විවුර්ත කරන්න ගිය කාලය වැඩිද මන්ද?ඔන්න ඔය කියන දේ නිසා මිනිස්සු කියන්න ගත්ත පාලම පොඩි කියල අයෙත් ගලවන කතාවකුත් තියෙනව කියල.මොන බොරුද ඔය හෙට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවුර්ත කොරනවා කියන්නෙ.ඒ මොන දේ වුනත් හැමෝම වගේ කියන තවත් කතාවක් තියෙනව ඒ තමයි ගුවන් පාලම නිසා තද බදය අඩු වෙයිද කියන සැකය.ඇත්තටම එක හරි මොකද අරංගල්ල මහත්තයගෙ ඉන්දන පිරවුම් හල ලගින් පටන් ගන්න පාලම අපහු ටවුන් එක මැද්දටම තමයි පතිත වෙන්නෙ.ඒ කියන්නෙ දැන් මැණික් මාලිගාව ලග ලොකු හතරමං හන්දියක් වෙලා.එතනට ට්‍රැෆික් ලයිට් සෙට් කොරල තිබුනට හිතන්න අමාරුයි වෙනසක් වෙයි කියල.

                  දේශපාලනය කතා කොරනව කියලනම් ඔන්න හිතන්න එපා.මොකද අත්තනගල්ල ආසනෙන් තමයි හිටපු ජනාධිපතිනිය බිහිවුනෙත්.හැබැයි වේයන්ගොඩට කරපු දෙයක් නැහැ.ඒ නිසා අපි ජනාධිපතිතුමාට ස්තුති වන්ත වෙනව.හෙට ජනාධිපතිතුමා එන නිසා වේයන්ගොඩ පරණ බස් නැවතුම් පොළ ලග ලස්සනට සරසල එහෙම තියෙනව.ඇත්තටම ලස්සනයි.

           වේයන්ගොඩ අහල පහල ඉන්න එකාලට කියන්නෙ ඔන්න හෙට පාලම විවුර්ත කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් වේයන්ගොඩ නගරසභා පිටියෙ සීදුවේ සකුරා දිගුම් දෙන්න හඩ තලනවලු.එහෙනම් හෙට සෙට් වෙමු..ජය වේවා. 

35 comments:

  1. හෙට ඉතිං බොලා ට ඕකේ යන්න ලැබෙන්නෑ.. හැක්

    ReplyDelete
    Replies
    1. හා හා කට ..අපි කලින්ම ඕක ඔදින් ගීයා..හි හි

      Delete
  2. අඩුපාඩු තියෙන්න පුළුවන් නමුත් වටිනා වැඩක් නේ. පාලම වල ආයු කාලය කොහොමඳ දන්නේ නැහැ. නමුත් අවුරුදු සියගණන් පරණ යකඩ ඉදිකිරීම් තියෙනවා නේ. සැලසුම අනුව තමයි සියල්ල තීරණය වෙන්න. පෑලියගොඩ, දෙහිවල, නුගේගොඩ, රාගම තියෙන පාලම් වලින් දැනට ලොකු සේවයක් වෙනවා. ඔය පාලමත් එසේ වේවි.

    ReplyDelete
    Replies
    1. බලමු බලමු..අපිත් හිතනව හොද දෙයක් වෙයි කියල.

      Delete
  3. කැළණියෙ ගහපු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්මරණ පාලම දෙතුන් පාරක් ගලවලා තහඩු දැම්මලු...
    ඒ පැත්තෙ ඈයො කිව්වෙ ඒ කරපු විනාසෙ නිසාම එතුමාව දෙපුළු වෙන්න බෝම්බෙ වැදුන කියල..

    රටට වැඩක් වෙනව නම් ඒ කතන්දර වැඩක් නැහැ නොවැ..
    අපිත් ආසාවෙන් හයිවේ වල යන්නේ.. :)

    ReplyDelete
  4. සිරාවට මොන මඟුල උනත් තොරණ හංදියෙ ගුවන් පාලමෙනුත් ගොඩක් ප්‍රොයෝජනවත් උනා.

    එහෙනම් උඹලටත් සුභ පැතුම්!! හෙට ඉදන් ඉඟිලියල්ලා.

    ReplyDelete
    Replies
    1. මතකනෙ තොරණ හංදියේ ඉස්සර වාහන හෙල්ලෙන්නෙ නැහැ..පාලම දැම්මට පස්සෙ ඔය යන්නෙ යසට..අපිත් එහෙම දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නෙ..බලමුකො ප්‍රියා මොකද වෙන්නේ කියල..

      Delete
  5. මටනම් මොකා වුනත් රටට යමක් කරනවානම් ඒ ඇති

    ReplyDelete
    Replies
    1. අපිටත් එහෙම තමයි කෝරලේ මහත්තයො..

      Delete
  6. රටට, ඒ රටේ මිනිස්සුන්ට, හොඳක් වෙන දෙයක් කරනව නම් එච්චරයි

    ReplyDelete
  7. ගම්පහ ගුවන් පාලම අවුරුදු 10 කට වඩා පණ ඇදලා යන්තං ගොඩ වුනේ...ඔය පොට් එකේදි මම රේල් ගේට්ටුව අස්සෙන් දාලා වතාවක් දඩයක් කන්නත් ගියා.

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා සිරා අයියෙ මොන පොලෝසියෙන් දඩ කෑවත් වේයන්ගොඩ පොලෝසියෙන් දඩ කන්න වෙන්නෙ නැහැ..මොකද ඒ කට්ටිය හැම වෙලාවෙම නිරාහාරව තමයි ඉන්නෙ..හි හි ..මාව උස්සයිද?

      Delete
    2. වේයන්ගොඩ පොලිසියෙන් තමයි බං මම කිව්වෙ...

      Delete
  8. පරිස්සමින් උඩින් පලයං හොදේ..

    ReplyDelete
    Replies
    1. ඔය කතාවම මට අරයත් කිව්වනෙ බං..

      Delete
  9. මාත් ඔය පාලම දැක්කා.
    ඒක නෙමේ ඔබ තුමා ඉන්නේ වේයන්ගොඩ ද ? මම හිතන් උන්නේ නුවර කියලා. රජ වීදිය කියලා හිතුවේ නුවර රජ වීදිය කියලා. අයියෝ යෝ යෝ !

    ReplyDelete
    Replies
    1. එහෙමද ?මම වේයන්ගොඩ එළ කොල්ලෙක් මහත්තයො..ගේමක් එහෙම තියෙනවනම් කියන්න මට පුළුවන් ඉක්මනට දුවන්න කෙටි පාරවල් හොයල දෙන්න..

      Delete
    2. එතකොට රජ වීදිය කියන්නේ හිතලුවක් ද ?
      දුවන්න කෙටි පාරවල් නෙමේ, බලන්ඩ ඇවිදින්ඩ වටින තැන් තියේ නම් කියන්ඩ ඈ..

      Delete
  10. පරිස්සමින් පලයල්ල උඩින්.... යටින් කෝච්චි යනවනේ... උණුසුම් පාතය වදිනව යටීන් උඩට...

    ReplyDelete
    Replies
    1. ඔව් බං පිච්චෙයිද කියල බය හිතෙනව..

      Delete
  11. සුභ ගමන් බං...ආස්චර්යෙත් එක්ක හෙට ඉදං ගමනේ යා....

    ReplyDelete
    Replies
    1. අනිවාරයෙන්ම අපි එහෙමයි..

      Delete
  12. Replies
    1. ඔන්න හීයකින් එව්වෝ..

      Delete
  13. පාලමෙන් යන්න එන්නම් ..හිටින්කෝ ටිකක්

    ReplyDelete
    Replies
    1. එහෙනම් ගොහින්ම කියාපන්කෝ හොද නරක..

      Delete
  14. මාත් හිතන්නේ ඔතන ට්‍රැ‍ෆික් අඩුවෙයි කියලා ඕකෙන්. අපි නම් නිතර යන එන තැනක් නෙවෙයි ඔතන.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ?මේ දවස් වලනම් ටවුන් එක විකාරයක් වෙලා ..

      Delete
  15. දැන් නම් පාලම විවෘත කර ඇති නේද??? ඉගිල්ලුනා???

    ReplyDelete
    Replies
    1. විවෘත කොරපු බවනම් හැබෑව..

      Delete
  16. ආව් ආව් දැන් පාලමකුත් ලැබිල නේ එ එ එ.

    ReplyDelete
  17. හී මං ඊයෙ ඕක උඩිං ගියා අපේ අය්ය කාරයව එයාපෝට් එකට දක්කන්න.
    මොන දේ කවරු කීවත් හොද වැඩක් මොකද ඔයිට කලින් ඔතනිං ගියපු අපි දන්නවනෙ කෝමද කට්ට කියල... අනික ලංකාවෙ හුගක් උං බලං ඉන්නෙ ඕන දේක වැරදි දකින්නමනෙ. හොද දේ උනත් උංට පේන්නෙ වැරදිම විතරයි
    අපිත් බලං ඉන්නෙ පොල්ගවවෙලටත් එකක් හදනකං.. ඔයත් දන්නව ඇතිනෙ මොන ආතල් 1ක් ඇත්ද කියල. විනාඩි 5ක් ඇරල තිබුනොත් 10ක් වහල එපා වෙනව බං

    ReplyDelete