Sunday, February 2, 2014

නින්දෙන් ලියුවෙමි...



කුමටද මැසවිලි ජීවිතයට 
නුබ දුන් ප්‍රේමයේ හුදකලාවට 
සිකුරු තරුව වූයේ මට 
නොනිවී දැල්වී ඉන්නම 
රෝස දෙකම්මුල් මා නෙතු අද්දර 
ගලා හැලෙන අපෙ කදුලැල් දහරට 
බොදවීයන් මා රුව ඔබ සදහට 

සීතලේ වසන්තය ඇත මගේ තනියට 
පලක් නොමැත මා සුරතට අද 
ලංවීමට නොහැක ඒ ලක්ෂරි පුරවරයට 
යන්නට පා තබන්න ඔබගේ විජිතයට 
මාගේ දොරගුළු විවරව ඇත 
ඔබ පිදුමට මගේ ප්‍රේමයට 

මතකය අවදිව ඇත තාමත් 
නින්දයි නොනින්දයි නොඅදුනනමි මම 
ජීවිතයම සිහිනයකි 
ඉමක් කොනක් නොමැත මිරිගුවට 
ඉදින් අවසානය මිරිගුවට 
සමුදුනෙමි ඔබගේ අතීතයට 
කිසිදා නොඑන ඔබ සදහටම..

26 comments:

  1. නින්දෙන් ලිව්ව නං කමක් නෑ හීනයක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හීනයක්ම තමයි හැලප අයියෙ..

      Delete
  2. නින්දෙන් ලිව්වත් , නියමයි. ලස්සන හීනයක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට...

      Delete
  3. නියමයි උමේෂ්, නින්දෙන් ලිවුවත් සුපිරියට ලියලා.

    මේ මම හිතන් හිටියෙ නින්දෙන් ඇවිදින උන් විතරයි ඉන්නෙ කියලා. බැලින්නම් ලියන උඹත් ඉන්නවනෙ.

    ReplyDelete
    Replies
    1. නින්දෙන් ඇවිදින්නෙ ලොකු ලොකු උදවියනෙ බං..හි හි අපි පොඩි මිනිස්සු බං හිකිස්.

      Delete
  4. මේ තේමාව ගැන බොට මම කිප වාරයක්ම කිව්වා නොවැ...අද කිසිත් නොකියමි. කාලයට ඉඩ දෙනු මැනවි...

    ReplyDelete
    Replies
    1. මොන දෙයක්ද මන්ද සිරා අයියෙ මේක දැන් මටත් වෙලා..කාලයට ඉඩ දෙමු

      Delete
  5. හීනයක් දැක්කෙයි?

    ReplyDelete
  6. නින්දෙන් ලියලා කිව්වට ඔය අපුරුවට ලියලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි..

      Delete
  7. හිඳීවි කොතැනක හෝ හිමි කාරියක් උපන් උඹේ නමින්...වදීවි කෙදිනක් හෝ ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්

    ReplyDelete
    Replies
    1. සද සේ දවසක ඔබ බැස යාවී කළුවර අහසට දුක තියලා
      හමුවුණු තැන් වල මල් සුපිපේවී හමුවන වෙන අය ගැන හිතලා..

      Delete
  8. නින්දෙන් ලියන එවා ඇහැරන් ලියන ඒවට වඩා ලස්සනයි නෙහ් :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් නින්දෙන්ම ලියන්න ඕනෙ..

      Delete
  9. ඇයි ඇහැරුණා ම?....))))

    ReplyDelete
    Replies
    1. එතකොට ඕව හිතෙන්නෙ නැහැ දිලිණි..

      Delete
  10. හීනෙන් දැක්ක දෙයක් ගැනද ලිව්වෙ??

    ReplyDelete
    Replies
    1. දවල්ට හිතෙන දෙයක් රෑක හීනෙන් දැක්කනෙ..හි හි

      Delete
  11. නින්දෙන් ලියුවට නියමෙට තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිංහලයට..

      Delete
  12. නියමයි උමේෂ් .. ඇත්තමයි

    ReplyDelete
  13. ඇයි බං දැං ලියන්නෙ නැත්තෙ මේ මාසෙටම 1 පෝස්ටුවයි.... ඇයි ඒ....
    ඒ මදිවට මටත් මේක මිස් වෙලා.... සොරි ඈ....
    ෆට්ට ඇත්තටම ලස්සනයි රසවිදපු නිර්මාණයක් කාලෙකින්

    ReplyDelete
  14. ඇයි ඇය..... යන්න ගියේ .... සදහටම.....

    ReplyDelete
  15. යකෝ නින්දෙන් මෙහෙම ලියනවානම් හොඳින් ලිවුවොත් කොහොම තියෙයිද

    ReplyDelete