Friday, March 7, 2014

ඔන්න දැන් ලග ලගම එනවෝ..

                  මාසෙකින් විතර බ්ලොගේට මොකුත් දාන්න බැරි වුනාට හැමදාම වගේ ඇවිත් අලුත් පෝස්ට් ඔක්කොම වගේ කියවල අකුරකින් හරි පොඩි කමෙන්ටුවක් දාන්න අමතක කලේ නැහැ.පුළුවන් හැම දෙයක්ම කියෙව්ව.කොහොමත් දැන් බ්ලොග් රෝල කියවන්නෙ නැතුව ඉන්න බැරි තරමට ඔලුව හැඩගැහිල තියෙන්නෙ.ගිය මාසෙටම දාන්න පුළුවන් වුනේ පෝස්ටු දෙකක් විතරයි.මේ දවස් වල තියෙන ඡන්ද උණුසුමත් එක්ක රටේ ප්‍රධානම පළාත් දෙක හෙල්ලිලා තියෙන නිසා පොඩ්ඩක් ඒ ගැන ලිව්වොත් හොදයි කියල හිතුන.ඒත් මේ දේවල් ලියන්නෙ දේශපාලනයට කැමත්තකින්නම් නෙවෙයි.කාටවත්ම කඩේ යන්නටත් නෙවෙයි.මොකද මේ දවස් වල හරිම පරිස්සමින් තමයි කතා කරන්න වෙලා තියෙන්නෙ.

             මොන ආණ්ඩුව රජ කලත් ගමේ තියෙන පාරවල් ටිකට කාපට් දාපු එකට අපේ ගමේම මිනිස්සු ඉන්නෙ මාරම ගෝ එකක.පාරවල් පු නිසා මිනිස්සුන්ට තියෙන හැම දෙයක්ම විසදෙන්නෙ නැති එක ඇත්ත.ඒත් ගමට තිබුණු ලොකු අඩුපාඩුවක් හරි ඡන්ද ගුන්ඩුවක් මාර්ගයෙන් කරගන්න ලැබුණු එකනම් ලොකු දෙයක්.පාර කාපට් කරන්න කොන්තර්ත්තුව ගත්ත මනුස්සය පාරෙ පළල අඩුවට කාපට් දාන්න හැදුවත් ගමේ මිනිස්සුන්ගෙ තියෙන එකමුතුකම නිසා මිනිහට වැඩේ වැරදුනා.කොහොමහරි දැන්නම් සියයට අනුවක් විතරම වගේ ඉවරයි.

         ඔය ලස්සනට තිබුණු පාර ඡන්දෙට ඉදිරිපත් වෙන සම හරක් මහත්තුරුන්ගෙ නෝනලාගේ නම් ගම් ලියල.ඒ මදිවට එක එක ලකුණුත් පාරේ ඇදල.හරියට උන්ගෙ සල්ලි වලින් පාරවල් හැදුව වගේ.නීතිය තිබුනට ඒ දේවල් දැන් බල්ලට ගිහින් තියෙන නිසා මේ වගේ දේවල් වලට කතා කරන එක තෙරුමක්ම නැහැ.මොකද මේ වගේ දේවල් කරන්න කොහෙන් හරි ගමේ එකෙක් ඉන්න බව අපි හොදාකාරවම දන්නව.තාමත් ගම වල අරක්කු ටිකට ඡන්ද වැඩ කරන හරක් ඉන්නව.ඇත්තටම එහෙම කියන එක හොද මදි.මොකද මිනිස්සු හරිම අහිංසකයි.ඒ මිනිස්සුන්ගෙ තියෙන ඒ අහිංසකකම තවත් අපේ මිනිස්සු ටිකක් ඒ  මිනිස්සුන්ගෙ වාසියට හරව ගන්න එක කවදහරි විදවන්න වෙනව.


               මේ දවස් වල ඡන්ද ගුන්ඩු කොච්චරද කියනවනම් අවමංගල්‍ය උත්සවයකට අවොත් එහෙම අඩන්නේ නැති ටික විතරයි.මොකුත් නැහැ කට්ටිය පෝලිමේ ඇවිත් අඩල යන්නෙ.ඒ තරමටම උණුවෙන හදවතක් තමයි සමහර මන්ත්‍රී තුමන්ලට වගේම තුමියලටත් තියෙන්නෙ.ඉතින් කාට කතිරෙ ගහන්නද කියල හිතාගන්න බැහැ.අපරාදෙ කියන්න බැහැ අපේ ගමේ පන්සලේ හදාගෙන යන අලුත් බණ මඩුවට මේ දවස් වල ආධාර ගලාගෙන එනව කියල තමයි හාමුදුරුවො කියන්නෙ.ඡන්ද උණුසුම පටන් ගන්න කලින් අපේ හාමුදුරුවො නොගියපු තැනක් නැහැ ආධාර එකතු කරන්න.ඒ දවස් වල මන්ත්‍රී තුමන්ලට වගේම තුමියලටත් නොතිබුණු ප්‍රතිපාදන මේ දවස් ටිකට මෙයාලට කොහෙන් ලැබෙනවද මන්ද අෆ්ෆා.මම හිතන්නෙ මේකට වෙන්න ඕනෙ ආශ්චර්යය කියන්නෙ..හි හි 

                බස්නාහිර ඔහොම වෙනකොට දකුණ පැත්ත හරියට වේදිකා නාට්‍යක් වගේ වෙලා.අට පාස් නැති හරක් දේශපාලනේට ගෙනාවම වෙන මොන වෙන්නද..නළුවොයි නිළියොයි නළු බට්ටොයි හැම තැනම පොරකනව මොන්ටිසෝරියට රිංගගන්න.මේ දවස් වල හරියට අමතක වෙන ලෙඩේ තියෙන නිසාද මන්ද පුදුම කතා තමයි අහන්න ලැබෙන්නෙ.දේශපාලනිකව නැතුව ඇත්ත කතා කලොත් ඇත්ත මොකක්ද කියන දේ මිනිස්සුන්ට හංගන්න අමාරුයි.මම අහගෙන එක නෝනා කෙනෙක් කියනව අපේ හිටපු හමුදාපතිතුමා යුද්දෙ දවස් වල ලංකාවෙ හිටියේ නැහැ කියල.ඉතින් අපේ මිනිස්සු මේ වගේ අයද දේශපාලනේට ගේන්න දගලන්නෙ.පාට මොකක් වුනත් මෙහෙම දේවල් කට ඇරල කියන්න පුලුවන්ද කියන එක හිතන්න අමාරුයි.ලෝකෙ තියෙන පැරණිම ජොබ කරන අක්කල නංගිලා මේ දේශපාලනේට එනකොට ඔහොම දේවල් වෙන්න පුළුවන්.මේ දේවල් මෙහෙම නොවුනොත් තමයි පුදුම.

                      හැම මනුස්සයගෙම වැරදි තියෙනව.ඒ දේවල් ඔබාමටත් පොදුයි.අනේ මන්ද මේ දේවල් ලංකාවේදී විතරක් හරි විදිය පේන්නෙ කොහොමද කියල.මේ රටට දැන් මොකා ආවත් මේ ටිකම තමයි ඉතින්.දැන්  හුගක් මිනිස්සුන්ට සල්ලි තියෙනව.එත් ඒ දේවල් බෙදිලා තියෙන්නෙ සීමිත කොටසක් අතරේ විතරයි.ඒ අතරින් සමහර මිනිස්සුන්ට මුදල් වලට අමතරව බලය උවමනා වෙන නිසා දේශපාලනය කියන හස්තිය අතට ගන්න හදනව.එහෙම මිනිස්සු කොච්චරනම් ඉන්නවද ඔය අංක ටික බලනකොට.එහෙම කියන්නේ මොකද අපි හොදාකාරවම දන්න පුද්ගලයෙක් එයාට අවශ්‍ය කරපු පක්ෂෙන් එයාට නාමයෝජනා නොලැබුන නිසා වෙනත් පක්ෂෙක සාමාජිකත්වය අරගෙන දැන් ඒ පක්ෂෙන් ඡන්දෙ ඉල්ලනව.ඉතින් මේ දේවල් වලින්ම පේනව මිනිස්සුන්ට බලය උවමනා වෙලා තියෙනව කියල.

                මේ දවස් වල ගෙවල් ගානේ ඇවිදින මන්ත්‍රී තුමන්ලට වගේම තුමියලටත් ඉදිරියත් සමාජ සත්කාර කරන්න ලැබේවා කියල තමයි අපිට කියන්න තියෙන්නෙ.පුද්ගලිකව මම දේශපාලනය ගැන බලන විදිය වෙනස් වෙන්න පුළුවන්.කොහොම වුනත් උදෙන්ම ගිහින් ඡන්දෙ දාන්නත් අමතක කරන්නේ නැහැ.මොකද ඒ දේ අපේ යුතුකමක් විදියට මම දකින නිසා.යුතුකම් අගයන යුතුකම් ඉටුකරන මේ වගේ සමාජ තලයක මම හිතන්නෙ අපිට නගින්න පුළුවන් අවසාන පඩිය තමයි මේ දේ.ඉතින් ඔය පඩියට වෙලා බලාගෙන ඉන්නව ඇරෙන්න වෙන මොන කොරන්නද අෆ්ෆා..

37 comments:

  1. ලඟදි පොස්ට් එකක් ලිව්වේ නැත්තේ ඇයි කියලා අහන්නමයි හිටියේ ...

    ජන්දේ ගැන කියපු දේවල් නම් මේ දවස් වල අඩුවක් නැතුව අත්විඳිනවා ..

    ReplyDelete
    Replies
    1. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියනව වගේ තව ඉස්සරහට නියම වැඩ වෙයි..

      Delete
  2. මල්ලි උඹලගෙ පාර නං කාපට් කළා අපේ පාර තාම එහෙම්මමයි.

    ReplyDelete
    Replies
    1. අප්පේ ඇත්තද? පිකටිං එකක්වත් කරලා හදාගමු හැලපයියේ ..!

      Delete
    2. පිකටින් එකකට නම්, මාත් බහිනවා එකෙන්ම.

      Delete
    3. අපේ පාරටත් මාර ගේමක් දීල තමයි වැඩේ කරගත්තෙ..පිකටින් කලාට හරියන්නෙ නැහැ බං අපි වගේ කොල්ලො ටිකක් හිටියනම් වැඩේ ගොඩ..හි හි

      Delete
  3. ඔන්න් ඔහේ මේ දවස් ටිකේ ඕවා බලලා හිනාවෙලා හිටින්..ලේකොප කරගන්නේ නැතුව

    ReplyDelete
    Replies
    1. ලේ කෝප වෙන්නෙ නැහැ බං..මේව දකිනකොට එක එක තැන්වලින් හිනා යනවා බං..

      Delete
  4. කාලෙකට සැරයයි නෙව උමේෂ් මලය අපිට සල්ලි නැතුව පිචෑර් ඉලන්න සැට් ටෙන්නෙ.... ඔන්නොහෙ ඔය නොමිලෙ පෙන්නන සෝ එකක් බලල බුලත් විඩක් කාරිය හපල අපිත් දත නියවං බලං ඉමු... අපේ පිංගුත්තරයො ටික අර බාසවෙඩු වලට ගිහිං කතිරෙ ගහනකං... අපේ උන්ට නිළියක් කකුලක් ඉස්සුවොත් ඇති.... තූ....

    ReplyDelete
    Replies
    1. ගීතා ඇන්ටි කකුල ඉස්සුවොත් නම් තියෙන චන්ද ටිකටත් කෙළවෙනවා බං. ඇයි එයා දැන් ආච්චි බබෙක්නෙ. ;)

      Delete
    2. ඔන්න ඔන්න නම්ගම් අපිනම් කිව්වේ නැහැ..ඔය අයියල තමයි ඕවට වගකියන්න ඕනෙ..මාව ඉස්සුවොත් එහෙම මමනම් අයියලාගේ නම් ටික කියල දානව..

      Delete
  5. අම්බෝ උබ කියන්න.. අපේ කොම්පැනියට තියෙන වැඩ කන්දරාව... චන්දෙ කිට්ටු වෙද්දි වැඩ හෝ ගාල.. රට වටේම....

    ReplyDelete
    Replies
    1. ඉතින් බලපන් මචෝ කොච්චරනම් හොදද කියල..වැඩ ලැබෙනව කියන්නෙ කොම්පැනිය දියුණු වෙනවා කියන එකනේ බං..ආශ්චර්ය කියන්නෙ මොකක්ද කියල තේරෙනව නේද දැන්.

      Delete
  6. ඇති යාන්තම් බොටත් බොගක් තියෙනවා කියලා මතක් උනා.

    ReplyDelete
    Replies
    1. අනේ මට මතක නෑ...හි හි

      Delete
  7. ඉවසල ඉදපන් මයෙ අම්ම මෙ මාසෙ අන්තිමෙ ඔය නාඩගම් ඉවරවෙලා පුරුදු ජිවිතෙ පටන්ගන්න කන්.

    ReplyDelete
    Replies
    1. ඉවසන්න තමයි වෙන්නෙ..මොකද මේක ලංකාවනෙ..

      Delete
  8. සති දෙකයි සියල්ල අමතකයි

    ReplyDelete
  9. ආසයි අප්පා ලංකාවට බහින්න ජන්ද කාලයක්ම අල්ලලා ....

    ReplyDelete
    Replies
    1. උබට පහල වෙන්නෙ පුදුම අසාවන් බං..මේ පාර හිතිලා තියෙන්නෙ හොදම එකෙත් හොදම එක..

      Delete
    2. අපි ඒකනේ ආවේ ගානට සැට් වෙන්න

      චන්දනම් විකාර වගේ උමේෂ් . මාත් කාලෙකින් ඊයේ එකක් ලිවේ

      Delete
  10. හින පෙන්නෙ රැට විතරක් නෙවෙයි නේ ,අපි හිතන්නෙ රැට විතරයි කියලා ..

    ReplyDelete
    Replies
    1. දවල්ට පේන හීන රෑ ඒවට වඩා හොදද මන්ද බං..

      Delete
  11. අත්තටා ඔය දේශපාලනය කරන අඑවුන්ට ජන්දේ දෙන එවුන්ට ගහන්න ඕනේ මඩු වලිගෙන්

    ReplyDelete
    Replies
    1. ඔවුන්ට ගහල මදි කෝරලේ මහත්තයො..ඒ කාලෙ වගේ ටිකක් හොද දඩුවම් ටිකක් දෙන්න ඕනෙ..

      Delete
  12. ඡන්දේ ඉවර උන ගමන් ඔය කථා හැමෝටම අමතකයි...ඊට පස්සෙ ආයෙත් ඡන්දයක් එනකන් කිසි සද්දයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..ඊට පස්සෙ දාන සද්ද ඔක්කොම දන්නෙ ගම්වල හරක් පස්සෙ යන එවුන්ටික තමයි..

      Delete
  13. මොන වැරැද්ද කලත් ඡන්දෙන් පස්සෙ ඡන්දය දීපු එකා අමතක කලත් අපේ උන් ඊළග ඡන්දෙදි ආයෙමත් මුන්ටමනෙ බලය දෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ සුනිල් පෙරේරා මහත්තය කිව්වෙ ලංකාවේ අපේ ලංකාවේ කියල සිරා අයියෙ...

      Delete
  14. රටේ අනාගත ය දැන් නම් බොහොම සුබ දායක වන බවට ලකුණු පහළ වෙලා තියෙන්නේ. ලෝකේ පරණම ජොබ් එක කරන අය දේශපාලනය ට පැමිණීම තරම් ආශ්චර්යයක් තවත් තියේද?

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා මචෝ..

      Delete
  15. මේ දවස් වල ඉතින් ඕවා සුපුරුදු දේවල් නේ බං.. ඔන්න ඔහේ බලන් ඉදින්..

    ReplyDelete
    Replies
    1. ඔව් බං අපි වගේ පොඩි මිනිස්සු මොනා කොරන්නද...

      Delete
  16. අපොයි ඔවු.. අපේ ගෙවල් වල්ටත් ඇවිත් සෑහෙන්න නැමිලා වඳිනවා.
    පවු කියලත් හිතෙනවා වෙලාවකට

    ReplyDelete
    Replies
    1. මොන පව්ද බං..කෝටි ගණන් වියදම් කොරන්නෙ අපිට ආදරේටද?

      Delete
  17. මේ දවස් වල පාරෙ හිටියත් අත වනනවා..........රටකට ගිය කල තමයි උමේෂ්

    ReplyDelete