මාසෙකින් විතර බ්ලොගේට මොකුත් දාන්න බැරි වුනාට හැමදාම වගේ ඇවිත් අලුත් පෝස්ට් ඔක්කොම වගේ කියවල අකුරකින් හරි පොඩි කමෙන්ටුවක් දාන්න අමතක කලේ නැහැ.පුළුවන් හැම දෙයක්ම කියෙව්ව.කොහොමත් දැන් බ්ලොග් රෝල කියවන්නෙ නැතුව ඉන්න බැරි තරමට ඔලුව හැඩගැහිල තියෙන්නෙ.ගිය මාසෙටම දාන්න පුළුවන් වුනේ පෝස්ටු දෙකක් විතරයි.මේ දවස් වල තියෙන ඡන්ද උණුසුමත් එක්ක රටේ ප්‍රධානම පළාත් දෙක හෙල්ලිලා තියෙන නිසා පොඩ්ඩක් ඒ ගැන ලිව්වොත් හොදයි කියල හිතුන.ඒත් මේ දේවල් ලියන්නෙ දේශපාලනයට කැමත්තකින්නම් නෙවෙයි.කාටවත්ම කඩේ යන්නටත් නෙවෙයි.මොකද මේ දවස් වල හරිම පරිස්සමින් තමයි කතා කරන්න වෙලා තියෙන්නෙ.
මොන ආණ්ඩුව රජ කලත් ගමේ තියෙන පාරවල් ටිකට කාපට් දාපු එකට අපේ ගමේම මිනිස්සු ඉන්නෙ මාරම ගෝ එකක.පාරවල් පු නිසා මිනිස්සුන්ට තියෙන හැම දෙයක්ම විසදෙන්නෙ නැති එක ඇත්ත.ඒත් ගමට තිබුණු ලොකු අඩුපාඩුවක් හරි ඡන්ද ගුන්ඩුවක් මාර්ගයෙන් කරගන්න ලැබුණු එකනම් ලොකු දෙයක්.පාර කාපට් කරන්න කොන්තර්ත්තුව ගත්ත මනුස්සය පාරෙ පළල අඩුවට කාපට් දාන්න හැදුවත් ගමේ මිනිස්සුන්ගෙ තියෙන එකමුතුකම නිසා මිනිහට වැඩේ වැරදුනා.කොහොමහරි දැන්නම් සියයට අනුවක් විතරම වගේ ඉවරයි.
ඔය ලස්සනට තිබුණු පාර ඡන්දෙට ඉදිරිපත් වෙන සම හරක් මහත්තුරුන්ගෙ නෝනලාගේ නම් ගම් ලියල.ඒ මදිවට එක එක ලකුණුත් පාරේ ඇදල.හරියට උන්ගෙ සල්ලි වලින් පාරවල් හැදුව වගේ.නීතිය තිබුනට ඒ දේවල් දැන් බල්ලට ගිහින් තියෙන නිසා මේ වගේ දේවල් වලට කතා කරන එක තෙරුමක්ම නැහැ.මොකද මේ වගේ දේවල් කරන්න කොහෙන් හරි ගමේ එකෙක් ඉන්න බව අපි හොදාකාරවම දන්නව.තාමත් ගම වල අරක්කු ටිකට ඡන්ද වැඩ කරන හරක් ඉන්නව.ඇත්තටම එහෙම කියන එක හොද මදි.මොකද මිනිස්සු හරිම අහිංසකයි.ඒ මිනිස්සුන්ගෙ තියෙන ඒ අහිංසකකම තවත් අපේ මිනිස්සු ටිකක් ඒ මිනිස්සුන්ගෙ වාසියට හරව ගන්න එක කවදහරි විදවන්න වෙනව.
මේ දවස් වල ඡන්ද ගුන්ඩු කොච්චරද කියනවනම් අවමංගල්‍ය උත්සවයකට අවොත් එහෙම අඩන්නේ නැති ටික විතරයි.මොකුත් නැහැ කට්ටිය පෝලිමේ ඇවිත් අඩල යන්නෙ.ඒ තරමටම උණුවෙන හදවතක් තමයි සමහර මන්ත්‍රී තුමන්ලට වගේම තුමියලටත් තියෙන්නෙ.ඉතින් කාට කතිරෙ ගහන්නද කියල හිතාගන්න බැහැ.අපරාදෙ කියන්න බැහැ අපේ ගමේ පන්සලේ හදාගෙන යන අලුත් බණ මඩුවට මේ දවස් වල ආධාර ගලාගෙන එනව කියල තමයි හාමුදුරුවො කියන්නෙ.ඡන්ද උණුසුම පටන් ගන්න කලින් අපේ හාමුදුරුවො නොගියපු තැනක් නැහැ ආධාර එකතු කරන්න.ඒ දවස් වල මන්ත්‍රී තුමන්ලට වගේම තුමියලටත් නොතිබුණු ප්‍රතිපාදන මේ දවස් ටිකට මෙයාලට කොහෙන් ලැබෙනවද මන්ද අෆ්ෆා.මම හිතන්නෙ මේකට වෙන්න ඕනෙ ආශ්චර්යය කියන්නෙ..හි හි
බස්නාහිර ඔහොම වෙනකොට දකුණ පැත්ත හරියට වේදිකා නාට්‍යක් වගේ වෙලා.අට පාස් නැති හරක් දේශපාලනේට ගෙනාවම වෙන මොන වෙන්නද..නළුවොයි නිළියොයි නළු බට්ටොයි හැම තැනම පොරකනව මොන්ටිසෝරියට රිංගගන්න.මේ දවස් වල හරියට අමතක වෙන ලෙඩේ තියෙන නිසාද මන්ද පුදුම කතා තමයි අහන්න ලැබෙන්නෙ.දේශපාලනිකව නැතුව ඇත්ත කතා කලොත් ඇත්ත මොකක්ද කියන දේ මිනිස්සුන්ට හංගන්න අමාරුයි.මම අහගෙන එක නෝනා කෙනෙක් කියනව අපේ හිටපු හමුදාපතිතුමා යුද්දෙ දවස් වල ලංකාවෙ හිටියේ නැහැ කියල.ඉතින් අපේ මිනිස්සු මේ වගේ අයද දේශපාලනේට ගේන්න දගලන්නෙ.පාට මොකක් වුනත් මෙහෙම දේවල් කට ඇරල කියන්න පුලුවන්ද කියන එක හිතන්න අමාරුයි.ලෝකෙ තියෙන පැරණිම ජොබ කරන අක්කල නංගිලා මේ දේශපාලනේට එනකොට ඔහොම දේවල් වෙන්න පුළුවන්.මේ දේවල් මෙහෙම නොවුනොත් තමයි පුදුම.
හැම මනුස්සයගෙම වැරදි තියෙනව.ඒ දේවල් ඔබාමටත් පොදුයි.අනේ මන්ද මේ දේවල් ලංකාවේදී විතරක් හරි විදිය පේන්නෙ කොහොමද කියල.මේ රටට දැන් මොකා ආවත් මේ ටිකම තමයි ඉතින්.දැන් හුගක් මිනිස්සුන්ට සල්ලි තියෙනව.එත් ඒ දේවල් බෙදිලා තියෙන්නෙ සීමිත කොටසක් අතරේ විතරයි.ඒ අතරින් සමහර මිනිස්සුන්ට මුදල් වලට අමතරව බලය උවමනා වෙන නිසා දේශපාලනය කියන හස්තිය අතට ගන්න හදනව.එහෙම මිනිස්සු කොච්චරනම් ඉන්නවද ඔය අංක ටික බලනකොට.එහෙම කියන්නේ මොකද අපි හොදාකාරවම දන්න පුද්ගලයෙක් එයාට අවශ්‍ය කරපු පක්ෂෙන් එයාට නාමයෝජනා නොලැබුන නිසා වෙනත් පක්ෂෙක සාමාජිකත්වය අරගෙන දැන් ඒ පක්ෂෙන් ඡන්දෙ ඉල්ලනව.ඉතින් මේ දේවල් වලින්ම පේනව මිනිස්සුන්ට බලය උවමනා වෙලා තියෙනව කියල.
මේ දවස් වල ගෙවල් ගානේ ඇවිදින මන්ත්‍රී තුමන්ලට වගේම තුමියලටත් ඉදිරියත් සමාජ සත්කාර කරන්න ලැබේවා කියල තමයි අපිට කියන්න තියෙන්නෙ.පුද්ගලිකව මම දේශපාලනය ගැන බලන විදිය වෙනස් වෙන්න පුළුවන්.කොහොම වුනත් උදෙන්ම ගිහින් ඡන්දෙ දාන්නත් අමතක කරන්නේ නැහැ.මොකද ඒ දේ අපේ යුතුකමක් විදියට මම දකින නිසා.යුතුකම් අගයන යුතුකම් ඉටුකරන මේ වගේ සමාජ තලයක මම හිතන්නෙ අපිට නගින්න පුළුවන් අවසාන පඩිය තමයි මේ දේ.ඉතින් ඔය පඩියට වෙලා බලාගෙන ඉන්නව ඇරෙන්න වෙන මොන කොරන්නද අෆ්ෆා..
ලඟදි පොස්ට් එකක් ලිව්වේ නැත්තේ ඇයි කියලා අහන්නමයි හිටියේ ...
ReplyDeleteජන්දේ ගැන කියපු දේවල් නම් මේ දවස් වල අඩුවක් නැතුව අත්විඳිනවා ..
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියනව වගේ තව ඉස්සරහට නියම වැඩ වෙයි..
Deleteමල්ලි උඹලගෙ පාර නං කාපට් කළා අපේ පාර තාම එහෙම්මමයි.
ReplyDeleteඅප්පේ ඇත්තද? පිකටිං එකක්වත් කරලා හදාගමු හැලපයියේ ..!
Deleteපිකටින් එකකට නම්, මාත් බහිනවා එකෙන්ම.
Deleteඅපේ පාරටත් මාර ගේමක් දීල තමයි වැඩේ කරගත්තෙ..පිකටින් කලාට හරියන්නෙ නැහැ බං අපි වගේ කොල්ලො ටිකක් හිටියනම් වැඩේ ගොඩ..හි හි
Deleteඔන්න් ඔහේ මේ දවස් ටිකේ ඕවා බලලා හිනාවෙලා හිටින්..ලේකොප කරගන්නේ නැතුව
ReplyDeleteලේ කෝප වෙන්නෙ නැහැ බං..මේව දකිනකොට එක එක තැන්වලින් හිනා යනවා බං..
Deleteකාලෙකට සැරයයි නෙව උමේෂ් මලය අපිට සල්ලි නැතුව පිචෑර් ඉලන්න සැට් ටෙන්නෙ.... ඔන්නොහෙ ඔය නොමිලෙ පෙන්නන සෝ එකක් බලල බුලත් විඩක් කාරිය හපල අපිත් දත නියවං බලං ඉමු... අපේ පිංගුත්තරයො ටික අර බාසවෙඩු වලට ගිහිං කතිරෙ ගහනකං... අපේ උන්ට නිළියක් කකුලක් ඉස්සුවොත් ඇති.... තූ....
ReplyDeleteගීතා ඇන්ටි කකුල ඉස්සුවොත් නම් තියෙන චන්ද ටිකටත් කෙළවෙනවා බං. ඇයි එයා දැන් ආච්චි බබෙක්නෙ. ;)
Deleteඔන්න ඔන්න නම්ගම් අපිනම් කිව්වේ නැහැ..ඔය අයියල තමයි ඕවට වගකියන්න ඕනෙ..මාව ඉස්සුවොත් එහෙම මමනම් අයියලාගේ නම් ටික කියල දානව..
Deleteඅම්බෝ උබ කියන්න.. අපේ කොම්පැනියට තියෙන වැඩ කන්දරාව... චන්දෙ කිට්ටු වෙද්දි වැඩ හෝ ගාල.. රට වටේම....
ReplyDeleteඉතින් බලපන් මචෝ කොච්චරනම් හොදද කියල..වැඩ ලැබෙනව කියන්නෙ කොම්පැනිය දියුණු වෙනවා කියන එකනේ බං..ආශ්චර්ය කියන්නෙ මොකක්ද කියල තේරෙනව නේද දැන්.
Deleteඇති යාන්තම් බොටත් බොගක් තියෙනවා කියලා මතක් උනා.
ReplyDeleteඅනේ මට මතක නෑ...හි හි
Deleteඉවසල ඉදපන් මයෙ අම්ම මෙ මාසෙ අන්තිමෙ ඔය නාඩගම් ඉවරවෙලා පුරුදු ජිවිතෙ පටන්ගන්න කන්.
ReplyDeleteඉවසන්න තමයි වෙන්නෙ..මොකද මේක ලංකාවනෙ..
Deleteසති දෙකයි සියල්ල අමතකයි
ReplyDeleteඅනිවා අනිවා
Deleteආසයි අප්පා ලංකාවට බහින්න ජන්ද කාලයක්ම අල්ලලා ....
ReplyDeleteඋබට පහල වෙන්නෙ පුදුම අසාවන් බං..මේ පාර හිතිලා තියෙන්නෙ හොදම එකෙත් හොදම එක..
Deleteඅපි ඒකනේ ආවේ ගානට සැට් වෙන්න
Deleteචන්දනම් විකාර වගේ උමේෂ් . මාත් කාලෙකින් ඊයේ එකක් ලිවේ
හින පෙන්නෙ රැට විතරක් නෙවෙයි නේ ,අපි හිතන්නෙ රැට විතරයි කියලා ..
ReplyDeleteදවල්ට පේන හීන රෑ ඒවට වඩා හොදද මන්ද බං..
Deleteඅත්තටා ඔය දේශපාලනය කරන අඑවුන්ට ජන්දේ දෙන එවුන්ට ගහන්න ඕනේ මඩු වලිගෙන්
ReplyDeleteඔවුන්ට ගහල මදි කෝරලේ මහත්තයො..ඒ කාලෙ වගේ ටිකක් හොද දඩුවම් ටිකක් දෙන්න ඕනෙ..
Deleteඡන්දේ ඉවර උන ගමන් ඔය කථා හැමෝටම අමතකයි...ඊට පස්සෙ ආයෙත් ඡන්දයක් එනකන් කිසි සද්දයක් නෑ.
ReplyDeleteඔව් ඔව්..ඊට පස්සෙ දාන සද්ද ඔක්කොම දන්නෙ ගම්වල හරක් පස්සෙ යන එවුන්ටික තමයි..
Deleteමොන වැරැද්ද කලත් ඡන්දෙන් පස්සෙ ඡන්දය දීපු එකා අමතක කලත් අපේ උන් ඊළග ඡන්දෙදි ආයෙමත් මුන්ටමනෙ බලය දෙන්නෙ.
ReplyDeleteඒකනෙ සුනිල් පෙරේරා මහත්තය කිව්වෙ ලංකාවේ අපේ ලංකාවේ කියල සිරා අයියෙ...
Deleteරටේ අනාගත ය දැන් නම් බොහොම සුබ දායක වන බවට ලකුණු පහළ වෙලා තියෙන්නේ. ලෝකේ පරණම ජොබ් එක කරන අය දේශපාලනය ට පැමිණීම තරම් ආශ්චර්යයක් තවත් තියේද?
ReplyDeleteඅනිවා අනිවා මචෝ..
Deleteමේ දවස් වල ඉතින් ඕවා සුපුරුදු දේවල් නේ බං.. ඔන්න ඔහේ බලන් ඉදින්..
ReplyDeleteඔව් බං අපි වගේ පොඩි මිනිස්සු මොනා කොරන්නද...
Deleteඅපොයි ඔවු.. අපේ ගෙවල් වල්ටත් ඇවිත් සෑහෙන්න නැමිලා වඳිනවා.
ReplyDeleteපවු කියලත් හිතෙනවා වෙලාවකට
මොන පව්ද බං..කෝටි ගණන් වියදම් කොරන්නෙ අපිට ආදරේටද?
Deleteමේ දවස් වල පාරෙ හිටියත් අත වනනවා..........රටකට ගිය කල තමයි උමේෂ්
ReplyDelete