Tuesday, September 30, 2014

මේ දවස්වල ..



වාරියපොලදී ගැහුවේ කන පිරෙන්නට 
කොලුවා හිටියෙ ඔලුව බිමට නවාගෙන 
දන්නෝ දනිති ගුටි කෑවේ කවුරුන්ද 
වයබ අපේ සිරි මහතා දන්නවද 

රත්නපුරේ අපෙ පොලිසිය නිර්භීතයි 
ගැහැණු කෙනෙක් දුටුවිට එය තවත් වැඩියි 
මහ පාරේ වුනත් පොල්ල අතට ගනියි 
පොල්ල නැතත් වයර් පොටක් අතේ තියෙයි 

අහල තියෙනවද උණ්ඩය කැරකෙනවා 
වෙඩිතිබ්බම ආපසු එය පැමිණෙනවා 
හිටි හැටියෙම ආයුධ වෙඩි හඩ දෙනවා 
දකින ඈයො එය නොදැක්ක වගෙ යනවා 

කිරි පිටි මිල ඉහල යනව නොදැනීම 
කුඩු ටික අපෙ රටට එනව නොදැනීම 
ඩීසීඩී අපි බිව්වලු නොදැනීම 
එහෙව් රටට මොනව වෙයිද ලගදීම 

මොකා වුනත් වෙනස් වෙනව ආවාම 
පවුල් පිටින් ගොඩ යනවා ආවාම 
සොකඩයො ටික උඩ එනවා පෙරසේම 
කටුස්ස වගෙ පාට වෙනව හැමදාම 

කොමිස් ටිකයි පගා ටිකයි වැටුණාම 
සුවිස් වලලු පොත තියෙන්නෙ දන්නවද 
මහ හොරු ටික වලපල්ලට ගියදාට
හැකිවේවිද ගොඩ යන්නට අදුරේම..  

18 comments:

  1. පට්ට කයිය මචං..............

    කවිනම් ඉතින් අපි අත්දෙකම උස්සලානේ.. නියමයි. කවිය හරි අගේට පද ගලපලා තියෙනවා.. හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි....

      Delete
  2. මොකා ඇවිත් මොන මොනවා කරල ගියත්
    ඡන්දෙ දාට වැඳගෙන ගොස් ඡන්දය දෙත්
    ඊට පස්සෙ කට විරවා බලා සිටිත්
    වෙනස් වෙයං මේ සැරේවත් වෙනස් වෙතොත්

    ReplyDelete
    Replies
    1. ඡන්දෙ දෙන්න අපිත් යනව හිමිදිරියේ
      කාට වුනත් අපිත් දෙනව කඩිමුඩියේ
      එළිවෙනකොට කරේ තියන් ගම් කෙලියේ
      උඩින් යනව අපේ ගොනා ලහි ලහියේ..

      Delete
  3. දෙන්නෙම නෑ තොපිට ඡන්ද
    අපි කරනවා හොදට මන්ද
    ඡන්දෙට පෙර දින දෙක තුන
    අපේ මොල කන බේත් වේල

    ReplyDelete
    Replies
    1. අපිට එපා තොපේ ඡන්ද
      අපි දානව හොරට ඡන්ද

      Delete
  4. පට්ටයිනෙ බන් උමේෂ්. නියම.

    දැන් ආයෙ දිගටම ලියනවද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං..
      ලියන්න තමයි බන් හිතාගෙන ඉන්නෙ..

      Delete
  5. අම්මට හුඩු කාලෙකින්,.... පට්ට කවියක් එක්කම

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ආවට ස්තුතියි ඉවාන්..

      Delete
  6. හප්පේ කාලෙකින් ඇවිත් ඉන්නේ මේ... මේ දවස් වල විස්තර කියන්න ....
    කාලේට ගැලපෙන්න නියමෙට ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂානි..

      Delete
  7. මෙදා පොටේවත් දිගටම ලියපං කොලූ...

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි සිරා අයියෙ හිතාගෙන ඉන්නේ..

      Delete
  8. මේ දවස්වල සමහරුන්ට පෙනෙනවා තරූ
    ඒ හින්දා බලනවා උපන් පත්තරේ කොටූ
    බඩමිල නොවැ අපටත් පෙන්නන්නේ තරූ
    කන්න වෙන්නේ යන විදියට අපිට හොටූ

    ReplyDelete
    Replies
    1. ඔව් සොමියො කතාව ඇත්ත..

      Delete