Wednesday, October 23, 2013
මියැදුණු අතීතයේ පරාජිත වූ ප්‍රේමය.....
දුවමි සැමතැන ඔබ සොයා මම
සිතින් සැමදා දුක දරා
හති වැටුණු විට තැවෙන්නෙමි මම
පමා වේ යයි සිත සිතා
පා නගන විට සුමුදු සයනට
නොසිතුවෙමි හැර යයි කියා
සුමුදු දෙකුපුල් පහස වින්දෙමි
ජීවිතය ඔබ ලග තියා
උරහිසට පා තබා හිනැහුණු
වෙනස් වූ නුබෙ සිනාවන්
මියැදුනා මතකය ඉතිරිකර
නොඑන්නට එක වතාවක්
සුළග සැරබව දැනසිටිමි මම
හමනවිට ඒ පවන් වැල්
වෙරදරා බැද තබාගැනුමට
ඵලක් නැත ඒ පවන් වැල්
පුරුදු තනිකම ඉතිරි වී ඇත
වෙනදමෙන් සිත ගත පූරා
විදවමින් පෙම් බදින්නෙමි මම
තනිකමෙහි රජ වූ නිසා
එලිය බිදිමින් අදුර වැටෙන තුරු
හිදින්නෙමි මා මග බලා
යලිදු සිටිනෙමි එලිය එනතුරු
දිගන්තය දුර වැඩි නිසා...
Subscribe to:
Post Comments (Atom)
පරාජිත සිත හඬා වැලපී
ReplyDeleteරිදුම් දුන්නත් අත්බවේ
බලා ඉද්දී සැබෑ සෙනෙහෙන්
දිගන්තය වුව දුර නො වේ....
ෂා දිලිනි ඔයා මාරයිනෙ...maxxa
Deleteඔෆිස් වෙලාවේදී කවි කියෙව්වට අදහසක් ඔලුවට එන්නෙම නෑ බන්
ReplyDeleteමම මේක ලියල පොස්ට් එක දැම්මෙත් ඔෆිස් වෙලාවෙදි මචං..අවුලක් නැහැනෙ..
Deleteඑල එල U මල්ලි කවියෙක් වෙලා...
ReplyDeleteටැංකියු ටැංකියු ජෙමා ලොක්කො...
Deleteහරිම ලස්සනයි! හොඳ තනුවක් දාලා ගත්තොත් හැමෝගෙම හදවත් වෙළාගත් මියුරැ ගීතයක් වේවි.... මගේ සුභ පැතුම්!!!
ReplyDeleteරජ වීදිය පැත්තෙ ආවමයි මයෙ හිතෙ...බොහොම ස්තුතියි....සාදරයෙන් පිළිගන්නවා..
Deleteනියමයි නියමයි..
ReplyDeleteමාත් කවියක් ලිවුව කාලයක් මතක නෑ බං..
ලියපන් ලොක්ක..උබෙන් කවියක් අහන්න ආසයි
Deleteඅනේ බන් මම කවි ලියන්න දන්නෙ නෑනෙ.... උබේ කවියනම් ලස්සනයි....
ReplyDeleteමමත් දැනගෙන ලියනව නෙවෙයි බන්...ඔහෙ ලියනව ඉතින් ..
Deleteගින්දර
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තුතියි අඩවි රජ තුමනි..
Delete