Wednesday, September 11, 2013

සිත අතරමං වෙලා

              මිනිස්සු විවිදාකරයි ලෝකය ගෝලාකාරයිලු.අනේ මන්ද මම කවදාවත්ම හිතාගෙන හිතාගෙන හිටිය දේවල් නෙවෙයි මේ ටික දවස් ටිකේම වුනේ.ඇත්තටම ජීවිතේ දිහා ආපහු හැරිල බලනකොට සතුටට වඩා තියෙන්නෙම.වෙලාවකට හිතෙනවා මේ හැමදේම වෙන්නෙ මටමද කියලත්.පොඩ්ඩක් එලියට පහලියට බැහැල බලපුවම තමයි තේරෙන්නෙ හැම මනුස්සයටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව කියල.මේ ලෝකෙ කාටද ප්‍රශ්න නැත්තෙ.වැඩ කරන තැන්වලත් කියල වැඩක් නැහැ.මොනව කරන්නද ඉතින් කන්න බොන්නත් ඕනෙනෙ ඒ නිසා වැඩට යන්නම වෙනව.සිරාවට කියනවනම් දැන්නම් ජොබ් එක එපාම වෙලා තියෙන්නෙ මොනවා කරන්නද හිත හදාගෙන වැඩට යනවා උදේට.මොනව උනත් මම හැමදාමත් හිතන්නෙ මේක තමයි මේ ලෝකෙ තියෙන හොදම ජොබ් එක කියල.නැත්නම් මට මෙලහටත් පිස්සු හැදිල.මම මෙහෙම බ්ලොග් එකක් කරන්න පටන් ගන්න ලොකුම හේතුව තමයි පාළුව තනිකම වගේම දුක.මේ දේවල් හැමෝටම කියන්නත් බැහැ.සමහරවිට කියල තේරුමකුත් නැහැ.ඉතින් වෙලාවක් ලැබෙනකොට මොනවහරි විකාරයක් ලියන එක මගෙ හිතට හොදයි කියල හිතුන.මම දන්නව මම මේ ලියන දේවල් වල කිසිම වටිනාකමක් වගේම කිසිම තේරුමකුත් නැහැ කියල.කව්රුත් කියවන්නෙත් නැහැ කියලත් මම නොදන්නවා නෙවෙයි.කමක් නැහැ මගෙ හිතට මාරම සැනසීමක් මෙහෙම ලියන එක.මම දැනටමත් ගොඩක් දේවල් කැපකරලා තියෙනවා මගෙ ආදරේ වෙනුවෙන්.ඒ හා සමානවම මගෙ රැකියාවත් එහෙමම තමයි.මට අතට හම්බවෙන ගානට වඩා ලොකු දෙයක් මගෙ ආයතනයට මගෙන් වෙනවා කියල මට හිතෙනව.සමහරවිට එහෙම නොවෙන්නත් පුළුවන් ඒත් මම එහෙම හිතනවා.

                මම හිතන විදියට හැම මනුස්සයෙක්ම උපදිනකොට අරගෙන එන විදියට තමයි හැමදේම සිද්ද වෙන්නෙ.ස්වාභාධර්මය අපි කාටවත්ම වෙනස් කරන්න බැහැ.මමත් දැන් ඔහේ යන්න දීල වෙන්නේ මොකක්ද කියල බලාගෙන ඉන්නවා.මගෙ ජිවිත කාලයට මේ වෙනකම් මම වරද්ද ගත්තු එක දෙයක් නිසා මට හිතෙනවා මට මගේ ජීවිතේම වැරදුනදත් කියල.හරි එහෙම වුනාමයි කියල මම හැමදාමත් මෙහෙම ඉදල තේරුමකුත් නැහැ.වෙලාවකට හිතෙනවා වෙන රටකට ගිහිල්ල පොඩි ජොබ් එකෙක් කරන ගමන් අලුත් ජිවිතයක් පටන් ගත්තනම් හොදයි කියල.එහෙම කරන්න බැහැ මට කවදාවත්ම.මොකද මගෙ හැමදේම මගෙ අම්මා.මට මගේ අම්මව නැතුව එකම එක මොහොතක්වත් ඉන්න බැහැ.මට මතක ඇති කාලෙ ඉදන්ම මගේ අම්මයි තාත්තයි දෙන්නම මගේ අම්ම.මම පිස්සෙක් නොවුනෙත් මගෙ අම්ම නිසා.මේ ගැන කතා කරනකොටත් මට දරාගන්න බැහැ.මේ දවස්වලනම් ඇවිල්ල තියෙන්නේ මහම මහ චාටර්ම කාලයක්.

                 අර කතාවට කියනවනේ පෙරහරේ යන අලි පෙරහරේ යනව කොට අදින අලි කොට අදිනවා කියල.කවදාවත් කොට අදින අලියෙක් පෙරහරක යන්නෙත් නැහැ.පෙරහරේ යන අලි කොට අදින්නෙත් නැහැයි කියනවනෙ.මම දැන් ඔය කියන වීදියේ අලි දෙන්නගෙන් එක ජාතියක අලියෙක් වගේ.හිතාගන්න බැහැ ඇයි කියල.ඒත් ඒක එහෙම තමයි.ගෙදරින් හොදට යනකොට අහල පහල එවුන් හිතන්නේ මු සැප ගන්න යනවා කියල.මමනෙ දන්නෙ සැපේ තරම.ගෙදර එන්නේ හොදට නිදාගන්න බලාගෙන එත් නින්ද යන්නෙත් නැහැ.අපිට නින්ද යන්නේ නැති උනාට අනිත් අයට හොදට නින්ද යනව කියල මම දන්නව.ඒ අස්සෙ මම මේ මගේ පාඩුවෙ ලියන පිස්සු බ්ලොග් එක ගූගල් ආයතනය ස්පෑම් කරල තිබුන.එත් ඒ ඇයි කියල කියන්න මම දන්නේ නැහැ.මොකද මට ලොකු දැනුමක් නැහැ බ්ලොග් ගැන.මම දන්නෙ ඇත්තටම පොස්ට් එකක් දාන්න විතරයි.යන්තම් ආයෙමත් මට පොස්ට් එකක් දාගන්න පුළුවන්.එහෙනම් ජයවේවා..

2 comments:

  1. කියවන හැමෝම කමෙන්ට්ස් දාන්නෙ නැහැ. ඒ නිසා කණගාටු වෙන්න එපා. හිතේ පාළුවට මේවගේ දේකට යොමුවීම හොඳයි. මෙහි ඔබ ලියා ඇති එක් වැකියක් මගේ හිත ගත්තා. //මට අතට හම්බවෙන ගානට වඩා ලොකු දෙයක් මගෙ ආයතනයට මගෙන් වෙනවා කියල මට හිතෙනව.// අද සමාජෙ විශේෂයෙන් රජයෙ සේවයේ බොහෝ දෙනෙකුගේ අතින් තමාට අයිති රාජකාරිය නැතහොත් වගකීම ඉටුකරන්නේ නෑ. හැබැයි පඩිය ගන්න නම් එන්නේ උඩ පැනගෙන. එවන් සමාජයක ඔබ ඔබේ සේවය උපරිමයෙන්ම ඉටුකිරීම දරන උත්සහය අගය කළ යුතුයි. රටක් දියුණු කරන්න ඒ කැප වීම අවශ්ය යි මල්ලි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තරු.නිවාඩු ලැබෙන වෙලාවට කරන මේ දේ අගයපු එක මට මාර හැපි.

      Delete