Monday, October 28, 2013

මිත්‍රත්වයේ සහෝදරත්වය

හිතවත් සහෝදරයෙකුට ලියමි...

                       මම මෙහෙම පොස්ට් එකක් දාන්න තීරණය කලේ ඊයෙ රෑ මගෙ දුරකතනයට ඇවිල්ල තිබුණු කෝල්ස් තුනක් නිසා.කෙටියෙන්ම කියනවනම් අද මම මෙහෙම ජොබ් කට්ටක් කරගෙන ඉන්නෙ මම කියන්න යන කතාවේ හැංගිලා ඉන්න මනුස්සය හින්ද.මම දන්නවා මේ පොස්ට් එක එයා කියවනව කියලත් ඒ වගේම අනිත් අතට මට කෝල් එකක් දෙනව කියලත්.මොකද ඒ තරමටම අපි හිතවත්.මගේ හැම කුනුගොඩක්ම සියු දන්නව.කතාවට විතරක් මම එයට සියු කියල කියනවා.ඒත් ඇත්තටම එයාගේ නම සියු නෙවෙයි.සියු කියන්නෙ මාරම හිත හොද හැමෝටම තේරුම් ගන්න බැරි ඒත් සිරා කොල්ලෙක්.මගෙ හැම දුකක්ම අහගෙන මට පොඩි ගැම්මක් දෙන්න එයා හැමවෙලාවෙම මාත් එක්ක හිටිය.තාමත් ඉන්නව.මමත් එහෙමයි මට කොච්චර වැඩ තිබුනත් සියු කතා කරලා කිව්වොත් පොඩි කේස් එකක් පොඩ්ඩක් ඇවිල්ල පලයන් කියල මමත් හැරෙන තැපෑලෙන්ම යනවා.සියු ඔයා දන්නවනේ කව්රු මොනවා කිව්වත් මමයි N අයියයි ඔයාව තනි කලේ නැහැ කියල.වෙලාවකට හිතෙනවා ඔයා ගම දාල ගියාද කියලත්.මතකද මම සිකුරාදා ඔයාට කියපු දේවල්.මමත් මේ මහලොකු මිනිහෙක්නම් නෙවෙයි ඔයාට අවවාද අනුසාසනා දෙන්න තරම්.හැම මනුස්සයම එක්ක ඉන්න නිසා මටත් එහෙන් මෙහෙන් ටිකක් පණ්ඩිත කතා කියන්න පුළුවන්. 



                    මම උසස් පෙළ කරලා මෙලෝ රහක් නැතුව ගෙදරට වෙලා ඉන්නකොට සියු තමයි මට කිව්වේ මේක කරපන් මේක හොදයි උබට කියල.සියු ඉගෙන ගත්තු තැනින්ම තමයි මමත් ඉගෙන ගත්තෙ.හැබැයි ඉස්කෝල දෙකක්.මට වඩා අවරුදු දෙක තුනක් ලොක්ක වැඩිමල්.ඒත් අපි සෙල්ලම් කලේ එහෙම එකට.හැමෝම වගේ මමත් හිතාගෙන හිටියේ දොස්තර මහත්තයෙක් හරි ඉජිනේරු මහත්තයෙක් වෙන්න වුනාට මම මෙහෙම පිස්සු නටලත් දැන් ඉන්න විදිය ගැන ගොඩක් සතුටු වෙනවා.මම දැන් ඉන්න ෆීල්ඩ් එක මම කවදාවත් හිතුවෙවත් නැත දැනගෙනවත් හිටියේ නැති පැත්තක්.කොටින්ම කියනවනම් මෙහෙම දෙයක් තියෙනවද කියලවත් දැනගෙන හිටියේ නැහැ.සියු තමයි මට මේ හැමදේම කියල දුන්නේ.ඉතින් සියු වැඩිය එක එක දේවල් ගැන හිතන්න යන්න එපා.මොකද අන්තිමට කොහෙවත් නැති දෙයක් අපිට පාත් වෙන්න පුළුවන්.ප්‍රශ්න නැත්නම් ජීවිතේ කිසිම රහකුත් නැහැ තමයි.එහෙම වුනා කියල ඒව මගහැරලා යන්න එපා.මම මෙහෙම කිව්වට තරහ වෙන්නත් එපා.අපි ඕනෙම දේකට ඔයත් එක්ක ඉන්නවනෙ සියු.අනිත් එක අපි කවදාවත් ඔයාට කරදරයක් වෙන්න දෙන්නෑ.මිනිස්සු විවිදාකරයි තමයි.අපි ඒ ඒ විදියට හැඩගැහෙන්න ඕනේ.සමහර මිනිස්සු කියනවා ගම්වල ඉන්න මිනිස්සුන්ට වඩා ටවුන් එකේ ජීවත් වෙන මිනිස්සු නරකයි කියල.සමහරවිට එහෙම වෙන්න ඇති.මම දන්න තරමින් මට හිතෙන විදියට ගම තමයි දැන් නරක.කාටද වරදින්නෙ ඌට හිනාවෙන්න තමයි හැමෝම බලාගෙන ඉන්නෙ.හැමෝම කිව්වට බහුතරයක් හොද මිනිස්සු.ඵල ඇති රුකටනේ ගල් පොලු හැමදේම ගහන්නේ සියු.

                          හිතන්න එපා මේ ලෝකෙන් ඔය තනිවෙලා ඉන්නව කියල.එහෙම නෑ..කාටවත් එහෙම කරන්නත් බැහැ.හැම කලුවලාවකම රිදී රේකාවක් තියෙනවා වගේ හැම මනුස්සයෙකුගෙම මොනවහරි හොද දෙයක් තියෙනවා.විකාර හිතන්න එපා.ඔයාගේ පාඩුවෙ ගේම ගහගෙන යන්න සියු.මටනම් අවුල ඉතින් ඔය ගියපු එක.එත් අවුලක් නැහැ ආයෙත් එනවනේ අපිට සෙට් වෙන්න.කොහේ හිටියත් හොදින් ඉන්න.හැමදාමත් කියනවා වගේ රෑට කන්න නම් එපා.දැන්නම් මහත වැඩියි පුතෝ....අනිත් එක කාලබීල දෙයියනේ කියල වැටිලා ඉන්න තැනක් තියෙනවනම් තව මොන ප්‍රශ්නද සිදු?මොකද වැස්සට තෙමි තෙමි හිසට සෙවනක් නැතුව ජීවත් වෙන මිනිස්සු කොච්චරනම් ඉන්නවද?මේවා ගැන හිතනකොට ඔයාට මොනවද සියු තියෙන ප්‍රශ්න?ඔන්න අන්තිමට මම මේ කියන්නේ අයෙ විකාරනම් කරන්න එපා.එහෙනම් සියු ආයේ සෙට් වෙමු...ජයවේවා ..  

19 comments:

  1. ඒ වගේ මිනිස්සු අතරින් පතර හරි ඉන්නවා කියල අහන එකත් සතුටක්.

    ReplyDelete
    Replies
    1. අතරින් පතර හිටියත් ඒ වගේ මිනිස්සුන්ට දැන් වැඩිය තැනක් නැහැනෙ දිලිනි..

      Delete
  2. අනේ මන්ද මචන්.... යාලුවෙක් අපෙන් දුරකට යද්දි හිතට දැනෙන හැගීම කියල නිම කරන්න බෑ....

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ ගාලුටත් ඒක හොදට දැනිල තියෙන පාටයි..

      Delete
    2. ගොඩාක් දැනිල තියෙනව... තව ඉස්සරහට දැනෙන්නත් තියෙනව... මගේ බ්ලොග් එක පැත්තෙ ගිහිල්ල බලන්නකො....

      Delete
  3. Replies
    1. ඔව් දේශකයාණෙනි දුකම තමයි..

      Delete
  4. යකෝ කෑම පාලනය කරන්න ඕන තරමේ වයස්වලද බෝලා ඉන්නේ...... පිස්සු කෙලින්නේ නැතුව හොදට කාලා හොදට නටල ඉදපියව්

    ReplyDelete
    Replies
    1. ඔව් ලොක්ක උබ කියන කතාව ඇත්ත..ඒත් අපේ සියු ටිකක් මහතයි...ඒකයි එහෙම කිව්වෙ.

      Delete
  5. හිතවත්ම කෙනෙක්ගෙන් ඈත් වෙද්දී දුක තමයි බං.. ඕක මටත් දැනුනා ලංකාවෙන් ඉස්සෙල්ලම එද්දී..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත...මේවගේ දේවල් වලටත් ඉතින් මුණදෙන්න එපායැ ...නේද?

      Delete
  6. ඇයි බං සියුට මොකක්ද වෙලා තියෙන්නේ ..? (ඔන්න් මමත් ආව රජ වීදියේ ඇවිදින්න)

    ReplyDelete
    Replies
    1. නැහැ මචෝ සියු හොදින් ඉන්නව කිසිම කේස් එකක් නැහැ..පොඩ්ඩක් විතර හිතේ අමාරුවෙන් ඉන්නෙ..රජ වීදියට ඉහලින්ම පිලිගන්නව එහෙනම්...

      Delete
  7. මට ඊයෙත් හම්බුනා උ හොදින් ඉන්නව....උඹල උගෙ හැම දුකට සැපට හිටිය කියලත් උ දන්නව....උ වෙනුවෙන්ම පොස්ට් එකක් දාන්න තරම් හිත හොද උඹ වගේ යාලුවෙක් හිටිය එක ගැන උ සන්තෝස වෙයි...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...මටත් හිටිය හොද යාලුවෙක්...දුකට සැපට හැමදේටම...

      Delete
  8. සියු ගේ හිත ටිකක් හරි හැදෙන්න ඇති ඔබේ පෝස්ටුවෙන් .....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත රෙහානි..එයා හොද කොල්ලෙක්..

      Delete
  9. ආයෙමත් කියන්නෙ...සියු උඹව උගෙම සහෝදරයෙක් විදිහට සලකනව...ඒක මතක තියාගනින..මලය

    ReplyDelete
    Replies
    1. ඒක මම හොදට දන්නව ජෙමා ලොක්කො..

      Delete