Monday, October 7, 2013

මිලින වූ මල්දම් අතර වූ ගෙත්තම්





ලියන්නට එක පද වැලක් ඔබේ හුස්ම පොදෙහි 
බිය වැදුණු හදවත එක්තැන් කොට 
ජීවිතය ජිවත්කරන්නාවූ බලාපොරොත්තුවකට 
එක මොහොතකට දුන්නාවූ ඉඩකඩෙහි ......

ලන්තෑරුම් එලියට දිවයන කණාමැදිරි 
නොනිදන නිහඩබව යටපත්කර 
අදුරට පෙම් බදින රැහැයි රෑන 
සිත්තම් කරනා ගෙත්තම අදුරට පමණක්මද ....?

නොසන්සුන් වුවද නිසොල්මන් නොවන 
හැගීම්බර වූ පෞවුරුෂත්වයේ යටගියාව 
සනිටුවන් කිරීමට දියවන්නාවූ ගල් පිළිමය 
නිරායාසයෙන්ම ලියලනු නොඅනුමානය .....

හදවතෙහි කොනක හෝ එක් ලේ බිදක 
පැවතියේනම් ආදරයට වූ අනුකම්පාවක් 
රුදුරු නොවනු ඇත ප්‍රේමයේ විලාපයන් 
ඝන අදුරට පමණක් පෙම් බැදුමට .....


මිලින වූ මල්දම් අතර වූ ගෙත්තමින් 
සිත්රුවනෙහි යහන්ගැබට පුළුන් රොදක 
මිහිරියාව අමතක වීමට තරම් 
සිතක් වුයේද පෙනෙන නොපෙනෙන .....  

8 comments:

  1. ආ එල කොල්ලෙක්නේ ඔය තියෙන්නේ .....
    මටනම් මෙලෝ දෙයක් තේරෙන්නෑ ....
    උබේ කවිය හෝදනැති නිසා නොව......
    මට කලා සිත පිහිටා නැති නිසාය ...

    ReplyDelete
    Replies
    1. මටත් හරියටම තේරෙන්නෙ නැහැ මම මොකක් ලිව්වද කියල...ඔහේ හිතුන විදියට ලියල බැලුව..හොදයි කියල හිතුන නිසා බ්ලොග් එකට දැම්ම..

      Delete
  2. විරහවක් වුනත් කවිය ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. මම ලියන්න හිතුවෙ වෙනම දෙයක්.ඒත් අන්තිමට ලියවෙලා තියෙන්නෙ ඉතින් හැමදාම කව්රු කව්රුත් කතා කරන අකුරු හතර ගැන තමයි...

      Delete
    2. විරහව වෙනුවෙන් ලියවෙන කවි කොහොමත් ලස්සණ යි, දැනෙනවා.

      Delete
    3. ඒක ඇත්ත විරහව වෙනුවෙන් තමයි මේ ලෝකේ වැඩිපුරම කවි ලියල තියෙන්නෙත්..

      Delete
  3. ලස්සන පබැඳුමක්...!

    හ්ම්ම් මෙයා කවිත් ලියනවා එහෙනං

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ඔය හිතුන වෙලාවට ලියන බොරු විකාර තමයි මේ...හිතලමතල ලියන ඒවා නෙවෙයි...

      Delete