අපරාදෙ කියන්න බැහැ මේ විකාර වැඩ නිසා අපේ ගෙවල් පාර ඊයෙ හවස ඉදලම වහල.හදිස්සියෙ ටවුන් එකට එහෙම යන්න වුනොත් පිස්සු හැදෙනව.කොටින්ම කියනවනම් මගදී බබා හම්බවෙනව.ඔහොම තමයි අපේ පැත්තෙ විස්තරේ.තව හොද හොද දේවල් තියෙනව ඒත් ඉතින් දැන් ඒ දේවල් ගැන කතා නොකර ඉන්න එක වඩා හොදයි.
බ්ලොග් වල අප්ඩේට් කියෙව්වට බ්ලොග් එකට අලුතෙන් පොස්ට් එකක් දාන එක දැන් වහ කදුරු වගේ.මොකද ඒ තරමටම කම්මැලි වෙලා.ලියන්න දේවල් කොච්චර තිබුනත් වෙන දේවල් එක්ක කිසිම දෙයක් ලියන්න හිතට ෆිට් එකක් නැහැ.මොකද ඔෆ්ෆීසියේ තියෙන වැඩ වල ඉවරයෙකුත් නැහැ.කොච්චර කලත් ඇති වැඩකුත් නැහැ.කරනකම් හොදයි ඊට පස්සේ කව්ද මේව කලේ කියල මතකත් නැහැ.අනේ මන්ද කොට අදිනව අදිනව කවද පෙරහරේ යන්න වෙයිද කියල.ඇත්තටම කොට අදින අලින්ට පෙරහරේ යන්න තහනම්ද අෆ්ෆා..?එහෙම ගියොත් උන්ට වස් වදිනවද?මේ දවස් වලනම් කොහොමත් අලි ටික රංචු රංචු කැලෑ වැදිලා කියල තමයි ආරංචිය..මං හිතන්නෙ වල්ල පට්ට කපනව ඇති.එහෙමවත් ගොඩ යන්න පුලුවන්ද බලන්න.වල්ල පට්ට කියනකොට මතක් වුනේ අපේ ගමට අල්ලපු ගමේ ඩබලක් වල්ල පට්ට කපල මාට්ටු වෙලා පොලෝසියට.නිදහස් කොර කියල තමයි ආරංචිය.දඩේ කීයද කියල අහගන්න බැරි වුනා.
බ්ලොග පාලුවට යන නිසා තමයි නින්දෙන් ඇහැරුනා වගේ මෙහෙම දෙයක් දැම්මෙ..
හොඳ වෙලාවට...ඇහැරුනේ..දැන්වත් ලියන්න පටන්ගනිමු හනිකට...
ReplyDeleteඑහෙම තමයි හිතාගෙන ඉන්නෙ..
Delete//ලියන්න දේවල් කොච්චර තිබුනත් වෙන දේවල් එක්ක කිසිම දෙයක් ලියන්න හිතට ෆිට් එකක් නැහැ.මොකද ඔෆ්ෆීසියේ තියෙන වැඩ වල ඉවරයෙකුත් නැහැ.// හිතට විවේකයක් ගන්න ඉඳල හිටල හරි මොනව හරි ලියල යන්ට.
ReplyDeleteවිවේකයක් ලැබෙන හැම වෙලාවකම වගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් බ්ලොග් රෝලෙ අප්ඩේට් ඔක්කොම බලල තමයි යන්නෙ..
Deleteඔහොම හරි ලියපං .... නැත්තං උඹව අපට අමතකම වෙලා යයි....
ReplyDeleteඒකනම් ඇත්ත කෙන්ජියො..
Deleteදඩේ කීයද කියලා අහගෙන උඹත් ගේමට බහින්නද යන්නෙ? එහෙනම් මටත් කියහන්. මාත් එනවා.
ReplyDeleteමේ දැන් වත් ඔය මර නින්දෙන් ඇහැරුනා නම් ඇහැරිලාම හිට. දැන් ඉතිං දෙයියනේ කියලා ලියමු දිගටම.
සිරාවටම ප්රියා මේ දවස් වල කරනවනම් බිස්නස් එක තමයි ඕක..
Deleteබාර් එක ඇරල තිබ්බනං ඕක හරියන්නත් තිබුනා..
ReplyDeleteඅපෝ මොනාද අෆ්ෆා මේ කියන කතා..
Deleteඅඩේ ලියන එක අතාරින්ට එපා යකෝ....
ReplyDeleteසතියකට එකක් දාපං...
උඹ පස්ටෙටම ලියනවනෙ මචෝ....
පුරං වෙන්න දෙන්න එපා...
මේක හොදට අස්වැන්න තියෙන කෙතක් නෙව
ඔව් බං සතියකට එකක්වත් දාන්න තමයි ෆුල් ට්රයි එක..
Deleteමේ දවස් වලනම් කොහොමත් අලි ටික රංචු රංචු කැලෑ වැදිලා කියල තමයි ආරංචිය.///
ReplyDeleteකවුද බොලාට මේ ටොන් පච කිව්වෙ ..
ඔන්න ඔහේ ලියලා දහන් ඔන සෙද්දක් වෙන්න කියලා
ටොන් පච නෙවේ බොලව් ඇත්ත කතාව..
Deleteපුලු පුලුවන් වෙලාවට මොනව හරි ලියල යන්න...බ්ලොග් කෙත පුරන් වෙන්න දෙන්න එපා
ReplyDeleteස්තුතියි වෙර දෙනවට..
Deleteඒත් කමන් නෑ...
ReplyDeleteමොනාහරි ලියන එකයි කෙරෙන්ඩ ඕන !!
ඔව් මචෝ..
Deleteපාර වැහුවෙ ඉස්කෝලෙ ඡන්ද ගැනපු නිසා නේද,වල්ල පට්ට කොහෙද බං ඔහෙ තියෙන්නෙ.
ReplyDeleteඔව් ඔව් ඡන්ද ගනින්න තමයි..අපේ ගමේ නෙවෙයි හැලප අයියෙ අල්ලපු ගමේ..
Deleteකොහොම කොහොම හරි දිගටම ලියන්න වෙලාවක් හොයාගන්න..
ReplyDeleteඔව් ඔව්
Deleteකොහොම හරි ලියන්න උමේෂ්....ලියන්න පටන් ගත්තම මොනවාහරි ලියන්න පුළුවන්...........
ReplyDeleteලියන්න පටන් ගන්න එකනෙ අමාරු..
Delete