Sunday, March 30, 2014

පුරන් වෙන්න කලින්

                 යන්තම් එක හිසරදයක් ඉවර වුණා විතරයි.ඒත් තවම ගම වල සෙට් සෙට් තැන තැන සෙට් වෙලා.බාර් වහල නිසා බ්ලැක් මාර්කට් එකට මේ දවස් වල හොදටම සරුයි.අපේ එවුන් දිනුවත් සමරනව පැරදුනත් සමරනව.අවුලක් නැහැ සතුටෙන් සැපෙන් ඉන්න හදනවනම්.ඒත් එතින් සමහර වෙලාවට සිංහල භාෂාවේ තියෙන සුද්ද සිංහල කියන්න හදනව.එතකොට තමයි ඉතින් මැරුණු මිනිස්සුත් වලෙන් නැගිටල ඇවිදින් චන්දෙ දාන්නෙ.

             අපරාදෙ කියන්න බැහැ මේ විකාර වැඩ නිසා අපේ ගෙවල් පාර ඊයෙ හවස ඉදලම වහල.හදිස්සියෙ ටවුන් එකට එහෙම යන්න වුනොත් පිස්සු හැදෙනව.කොටින්ම කියනවනම් මගදී බබා හම්බවෙනව.ඔහොම තමයි අපේ පැත්තෙ විස්තරේ.තව හොද හොද දේවල් තියෙනව ඒත් ඉතින් දැන් ඒ දේවල් ගැන කතා නොකර ඉන්න එක වඩා හොදයි.


            බ්ලොග් වල අප්ඩේට් කියෙව්වට බ්ලොග් එකට අලුතෙන් පොස්ට් එකක් දාන එක දැන් වහ කදුරු වගේ.මොකද ඒ තරමටම කම්මැලි වෙලා.ලියන්න දේවල් කොච්චර තිබුනත් වෙන දේවල් එක්ක කිසිම දෙයක් ලියන්න හිතට ෆිට් එකක් නැහැ.මොකද ඔෆ්ෆීසියේ තියෙන වැඩ වල ඉවරයෙකුත් නැහැ.කොච්චර කලත් ඇති වැඩකුත් නැහැ.කරනකම් හොදයි ඊට පස්සේ කව්ද මේව කලේ කියල මතකත් නැහැ.අනේ මන්ද කොට අදිනව අදිනව කවද පෙරහරේ යන්න වෙයිද කියල.ඇත්තටම කොට අදින අලින්ට පෙරහරේ යන්න තහනම්ද අෆ්ෆා..?එහෙම ගියොත් උන්ට වස් වදිනවද?මේ දවස් වලනම් කොහොමත් අලි ටික රංචු රංචු කැලෑ වැදිලා කියල තමයි ආරංචිය..මං හිතන්නෙ වල්ල පට්ට කපනව ඇති.එහෙමවත් ගොඩ යන්න පුලුවන්ද බලන්න.වල්ල පට්ට කියනකොට මතක් වුනේ අපේ ගමට අල්ලපු ගමේ ඩබලක් වල්ල පට්ට කපල මාට්ටු වෙලා පොලෝසියට.නිදහස් කොර කියල තමයි ආරංචිය.දඩේ කීයද කියල අහගන්න බැරි වුනා.

බ්ලොග පාලුවට යන නිසා තමයි නින්දෙන් ඇහැරුනා වගේ මෙහෙම දෙයක් දැම්මෙ..

24 comments:

  1. හොඳ වෙලාවට...ඇහැරුනේ..දැන්වත් ලියන්න පටන්ගනිමු හනිකට...

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි හිතාගෙන ඉන්නෙ..

      Delete
  2. //ලියන්න දේවල් කොච්චර තිබුනත් වෙන දේවල් එක්ක කිසිම දෙයක් ලියන්න හිතට ෆිට් එකක් නැහැ.මොකද ඔෆ්ෆීසියේ තියෙන වැඩ වල ඉවරයෙකුත් නැහැ.// හිතට විවේකයක් ගන්න ඉඳල හිටල හරි මොනව හරි ලියල යන්ට.

    ReplyDelete
    Replies
    1. විවේකයක් ලැබෙන හැම වෙලාවකම වගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් බ්ලොග් රෝලෙ අප්ඩේට් ඔක්කොම බලල තමයි යන්නෙ..

      Delete
  3. ඔහොම හරි ලියපං .... නැත්තං උඹව අපට අමතකම වෙලා යයි....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත කෙන්ජියො..

      Delete
  4. දඩේ කීයද කියලා අහගෙන උඹත් ගේමට බහින්නද යන්නෙ? එහෙනම් මටත් කියහන්. මාත් එනවා.

    මේ දැන් වත් ඔය මර නින්දෙන් ඇහැරුනා නම් ඇහැරිලාම හිට. දැන් ඉතිං දෙයියනේ කියලා ලියමු දිගටම.

    ReplyDelete
    Replies
    1. සිරාවටම ප්‍රියා මේ දවස් වල කරනවනම් බිස්නස් එක තමයි ඕක..

      Delete
  5. බාර් එක ඇරල තිබ්බනං ඕක හරියන්නත් තිබුනා..

    ReplyDelete
    Replies
    1. අපෝ මොනාද අෆ්ෆා මේ කියන කතා..

      Delete
  6. අඩේ ලියන එක අතාරින්ට එපා යකෝ....
    සතියකට එකක් දාපං...
    උඹ පස්ටෙටම ලියනවනෙ මචෝ....
    පුරං වෙන්න දෙන්න එපා...
    මේක හොදට අස්වැන්න තියෙන කෙතක් නෙව

    ReplyDelete
    Replies
    1. ඔව් බං සතියකට එකක්වත් දාන්න තමයි ෆුල් ට්‍රයි එක..

      Delete
  7. මේ දවස් වලනම් කොහොමත් අලි ටික රංචු රංචු කැලෑ වැදිලා කියල තමයි ආරංචිය.///
    කවුද බොලාට මේ ටොන් පච කිව්වෙ ..

    ඔන්න ඔහේ ලියලා දහන් ඔන සෙද්දක් වෙන්න කියලා

    ReplyDelete
    Replies
    1. ටොන් පච නෙවේ බොලව් ඇත්ත කතාව..

      Delete
  8. පුලු පුලුවන් වෙලාවට මොනව හරි ලියල යන්න...බ්ලොග් කෙත පුරන් වෙන්න දෙන්න එපා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වෙර දෙනවට..

      Delete
  9. ඒත් කමන් නෑ...
    මොනාහරි ලියන එකයි කෙරෙන්ඩ ඕන !!

    ReplyDelete
  10. පාර වැහුවෙ ඉස්කෝලෙ ඡන්ද ගැනපු නිසා නේද,වල්ල පට්ට කොහෙද බං ඔහෙ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඡන්ද ගනින්න තමයි..අපේ ගමේ නෙවෙයි හැලප අයියෙ අල්ලපු ගමේ..

      Delete
  11. කොහොම කොහොම හරි දිගටම ලියන්න වෙලාවක් හොයාගන්න..

    ReplyDelete
  12. ‍කො‍හොම හරි ලියන්න උ‍මේෂ්....ලියන්න පටන් ගත්තම ‍මොනවාහරි ලියන්න පුළුවන්...........

    ReplyDelete
    Replies
    1. ලියන්න පටන් ගන්න එකනෙ අමාරු..

      Delete